Home දේශීය පුවත් බණ්ඩාරවෙල ස්ථානාධිපති ක්‍රියා කළ ආකාරය ගැන පරීක්ෂණයක්

බණ්ඩාරවෙල ස්ථානාධිපති ක්‍රියා කළ ආකාරය ගැන පරීක්ෂණයක්

by Free News
0 comment

කොටුව දුම්රිය ස්ථානයේ මීනගයා දුම්රියේ වැසිකිළියක කූඩයක් තුළ දමා අතහැර ගොස් තිබුණු බිලිඳාගේ මව පෙරේදා (11) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ක්‍රියා කළ ආකාරය ගැන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (12) විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.

සැකකාරිය අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව සැකකාර කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම හා ළමයින් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පති විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

පිළියන්දල පොලිසියට ලද තොරතුරකට අනුව කොටුව පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා විසින් බුද්ධි අංශයේද සහාය ඇතිව කළ මෙහෙයුමකට අනුව බිලිඳාගේ මවුපියන් හඳුනාගනු ලැබීය.

අනතුරුව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කළ දැනුම්දීමකට අනුව බිලිඳාගේ මව අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇය පදිංචිව සිටි නිවසට යන්නේ පොලිස් කණ්ඩායමක්ද පිරිවරාගෙන ජනමාධ්‍යවේදීන් රැසක්ද සමඟිනි. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාධ්‍ය ඉදිරියේදී ඇයව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඔහුගේ කාර්යාල කාමරයේ දී ප්‍රශ්න කරනු ලබන අයුරු පවා වීඩියෝගත කිරීමට මාධ්‍යට ඉඩ ලබා දී තිබුණි. මේ සියල්ල සැලකිල්ලට ගෙන ඔහුට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා පියවර ගත් බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital