Home දේශීය පුවත් පොලිස් ලොක්කන් රැසකට හදිසි ස්ථාන මාරු

පොලිස් ලොක්කන් රැසකට හදිසි ස්ථාන මාරු

by Free News
0 comment

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා විසින් හිදිසි රාජකාරී අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් නියෝග නිකුත් කර ඇත.

ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ.

එසේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුර දක්වා මාරුකර තිබේ.

මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් පී මැදවත්ත මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.

මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ ජයලත් මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.

එසේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර් එල් කොඩිතුවක්කු මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා සුභසාධක හා ක්‍ෂේත්‍ර බළකා සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිසහායක සේවා ලෙස මාරුකර ඇත.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ. ඩබ්. කමල් සිල්වා මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක හා ක්‍ෂේත්‍ර බළකා ලෙස මාරුකර තිබේ.

වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එල්. ඒ. සූරිය බණ්ඩාර මහතා, තානාපති ආරක්‍ෂක කොට්ටාසයේ අධ්‍යක්‍ෂ තනතුරේ සිට හලාවත කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරු කර ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital