Home දේශීය පුවත් පොලිස්පති, ශවේන්ද්‍ර සිල්වා ඇතුළු කිහිප දෙනෙකුට අභියාචනාධිකරණයෙන් නොතීසි !

පොලිස්පති, ශවේන්ද්‍ර සිල්වා ඇතුළු කිහිප දෙනෙකුට අභියාචනාධිකරණයෙන් නොතීසි !

by Free News
0 comment

2022 මැයි මස 9 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ දේපළවලට ගිනි තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ගොනු කරනු ලැබ ඇති පෙත්සම්වලට අදාළව පොලිස්පති චන්දන වික්‍රමරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු කිහිප දෙනෙකුට අභියාචනාධිකරණය ඊයේ (ජන. 16) නොතීසි නිකුත් කළේ ය.

ඒ, තම නිවෙස්වලට ගිනි තැබීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ත් අදාළ බලධාරීන්ගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී කිසියම් අතපසුවීමක් සිදුවී ඇතිදැයි සොයා බලන ලෙස ත් ඉල්ලා මන්ත්‍රීවරුන් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ය.

ඒ අනුව වගඋත්තරකරුවන්ට පෙබරවාරි මස 24 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කරන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 13 දෙනෙකු නම් කර තිබිණි.

ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීරිවරුන් 39 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital