පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දින පහක සංචාරයක් සඳහා එළඹෙන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මහලේකම්වරිය දිවයිනට පැමිණෙන බවය.
පෙබරවාරි මස පළමු වැනිදා මෙරටට පැමිණෙන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පස් වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
සිය සංචාරය අතර තුර පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.