Home දේශීය පුවත් පුද්ගලයෙකු හප්පා පලාගිය සැප රියක් පසුපස පාර්ලිමේන්තු මන්ත‍්‍රී හඹාගොස් අල්ලා දෙයි

පුද්ගලයෙකු හප්පා පලාගිය සැප රියක් පසුපස පාර්ලිමේන්තු මන්ත‍්‍රී හඹාගොස් අල්ලා දෙයි

by Free News
0 comment

යතුරුපැදිකරුවකු හප්පා පලා ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් යමින් එහි රියැදුරු අල්ලා පොලිසියට භාරදීමට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කටයුතු කර තිබේ.

බණ්ඩාරගම රයිගම් පදික මාරුව අසලදී යතුරුපැදිකරුවකු අනතුරට ලක් කර එම සුඛෝපභෝගී මෝටර් රථය පලායමින් සිටියදී මන්ත්‍රීවරයා තම රථයෙන් ඔහු පසු පස හඹා ගොස් පොලිසියට දැනුම් දී ඔහු පොලිසියට බාර දී තිබේ.

පොලිසිය විසින් මෝටර් රථය ද සමඟ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඔහු ජාත්‍යන්තර පාසලක ක්‍රිකට් තරගයක් නරඹා ආපසු යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලද පුද්ගලයා මේ වන විට රෝහල් ගත කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කරන්නේ මෙම අනතුර තම දෑසින්ම දුටු බවත් රිය අනතුරක් සිදුවීම සාමාන්‍ය දෙයක් වුවත් අනතුරට ලක්වූ පුද්ගලයා දෙස නොබලා පලායාම අනුමත කළ නොහැකි බවත්ය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital