Home දේශීය පුවත් පීඩන අවපාතය දිවයිනයට ඇතුළුවෙයි – සවස් කාලයේදී තද වැසි !

පීඩන අවපාතය දිවයිනයට ඇතුළුවෙයි – සවස් කාලයේදී තද වැසි !

by Free News
0 comment

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද සහනැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මි.මි.100ක ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital