පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ 42ක් ලබන සතිය තුළ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ඉන්දීය ණය ආධාර යටතේ මේ ඖෂධ තොගය ලැබෙන බවත්, රෝගීන්ට අවශ්‍ය සෙසු ඖෂධ ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇති බවත් කී ඒ මහතා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක පමණ හිඟයක් පවතින අතර ඒවා ගෙන්වා ගැනීමට ඇණවුම් කර ඇති බවද පැවසීය.
රට තුළ කුමන ආර්ථික අර්බුදයක් පැවතියද, රෝගීන්ට අවශ්‍ය ඖෂධ සැපයීමට රජය පියවර ගන්නා බවත්, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සදහා රජයේ ප්‍රමුඛතාව දී ඇති බවත් ඒ මහතා පැවසුවේය.පිළිකා ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් කලින්ම හඳුනාගෙන ඖෂධ භාවිත කරමින් වළක්වාගත හැකි පිරිසකි. තවත් තුනෙන් එකක් පිළිකාව සමඟ ජීවත් වන කොටසකි. මේ පිරිසටද වේදනාව නසාගැනීමට ඖෂධ අවශ්‍ය වේ. පිළිකා ඔසු අත්‍යවශ්‍ය ඖෂධ ලෙස පිළිගන්නා අතර, ඒවා ගෙන්වාගැනීමට රජය මේ වන විටද පියවර ගෙන තිබේ.