Home දේශීය පුවත් පැවිදිවීමට ගොස් අබිරහස්ව මියගිය 12 හැවිරිදි දරුවාගේ මළ සිරුර ගොඩගනියි

පැවිදිවීමට ගොස් අබිරහස්ව මියගිය 12 හැවිරිදි දරුවාගේ මළ සිරුර ගොඩගනියි

by Free News
0 comment

හොරණ හල්තොට ලෙනවර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වෙත පැවිදි කිරීම සඳහා මවුපියන් විසින් භාරදී සිටියදී අබිරහස් ලෙස මියගිය මොරගහහේන, වීදියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි යෙශිත් ගිම්හාන් දරුවාගේ මළ සිරුර පසුගිය 22වැනිදා හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.

මළ සිරුර ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු ලවා යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස හොරණ අධිකරණයෙන් නියෝග ලැබුණු බව පරීක්ෂණ පවත්වන බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

දරුවා ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා විහාරාධිපති හිමියන් වෙත පැවිදි කිරීම සඳහා භාරදී තිබූ අතර, ඔක්තෝම්බර් 28 වැනිදා විහාරස්ථානයේ ගබඩා කාමරයක බාල්කයක කහපාටට හුරු රෙදි කැබැල්ලකින් සිරුර එල්ලෙමින් තිබියදී හමුවී ඇතැයි පොලිසිය කියයි.

දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සදානි දිසානායක මහත්මිය 2022 ඔක්තෝම්බර් 23 වැනි දින හල්තොට ලෙනවර රජමහා විහාරයේ පැවැති කඨින උත්සවයට ද සහභාගි වී සිටි දරුවා යහපත් මානසිකත්වයෙන් සිට ඇති බැවින් සතියක් වැනි කෙටි කාලයකින් මෙවැනි ආකාරයට ගෙල වැලළා ගැනීමට හෝ හානි කර ගැනීමට හේතුවක් නැති බැවින් දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය දී තිබිණි.

ඒ අනුව වීදියගොඩ, බෙත්මගොඩ පොදු සුසාන භූමියේ ඔක්තෝම්බර් 31 දා මිහිදන් කර තිබුණ මළ සිරුර මෙසේ ගොඩගනු ලැබීය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ දයාපාල, අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන ජනිත දයානන්ද , සුපුන් ඒකනායක මහත්වරුන්, පාණදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, හොරණ නගර සභාවේ සුළු සේවකයෝ ද මේ අවස්ථාවට සහභාගි වූහ.

දරුවාගේ මවුපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටි අතර, සිද්ධිය දැක බලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සුසාන භූමිය අවට රැඳී සිටිය අතර, දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත දකුණු දිසාව භාර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලලිත් අබේසේකර, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් සැරයන් (16053) අතුල, (52430) චන්ද්‍රසිරි, (14530) සිසිර, (21284) බණ්ඩාර, (88723) රංජිත්, (60161) වසන්ත, කොස්තාපල්වරුන් වන (35145) උමේෂ්, (88727) යාපා, (20567) විජේවර්ධන මහත්වරු සහභාගි වූහ.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ සහයෝගය දැක්වූහ.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital