Home දේශීය පුවත් පැල්මඬුල්ලේ නීතිඥවරියගේ අබිරහස් මරණය

පැල්මඬුල්ලේ නීතිඥවරියගේ අබිරහස් මරණය

by Free News
0 comment

අබිරහස් ලෙස මිය ගොස් සිටියදී හමු වූ පැල්මඬුල්ලේ නීතිඥ දුෂ්මන්ති අබේරත්න මහත්මියගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා පැල්මඬුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතාගේ නියෝගයට අනුව අද (3) රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියමිතය.

ඇයගේ මරණය සම්බන්ධව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් දී තිබේ. මරණකාරියගේ සිරුරේ අභ්‍යන්තර හෝ බාහිර තුවාල නැති බවද මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.

කහවත්ත මූලික රෝහලේ අධිකරණ වෙද්‍ය සිසිර කුමාර දිසානායක මහතා මෙම පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළේය. ඉකුත් 31 දා කහවත්ත මුලික රෝහලේ දි එම පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්විණි.

නීතිඥවරිය අසනීප තත්ත්වය මත ඖෂධ එන්නත් ගත් බවද පරික්ෂණවලදී අනාවරණය වූ අතර, ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට තීරණය විය.

මෙම මරණය ගැන අදාළ පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි. පහර දීමේ සිදුවීමක් ගැන පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය නොවු නිසා මේ මරණය ගැන විශේෂ සැකයක් නැතැයි පොලිසිය පවසයි.

පැල්මඬුල්ල බුලත්වැල්ගොඩ සිය නිවෙසේ නිඳි ඇඳේ මියගොස් සිටි නීතිඥවරියකගේ මරණය ගැන පැල්මඬුල්ල මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂණය පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියෝග කළේය. මේ මරණය සම්බන්ධව පැල්මඬුල්ල පොලිසිය නිවෙසේ මෙහකාරිය, මියගිය නීතිඥවරියගේ සැමියා සහ අසල්වාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. පැල්මඬුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න මහතාගේ මෙහයවීමෙන් පරීක්ෂණ සිදු කෙරිණි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital