Home දේශීය පුවත් පැරෂුට් ක්‍රමයට වී වගා කිරීමට රුපියල් මිලියන 400ක්

පැරෂුට් ක්‍රමයට වී වගා කිරීමට රුපියල් මිලියන 400ක්

by Free News
0 comment

මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කර ඇතැයි කෘෂිකර්මා අමාත්‍යංශය සදහන් කරයි.

චීනයේ අතිසාර්ථක වී වගා ක්‍රමයක් වන පැරෂුට් වගා ක්‍රමය දැනට ශ්‍රී ලංකාව තුළ භාවිතා වුවද තවමත් එම ක්‍රමය පිළිබඳ නිසි අවබෝධයක් රටේ ගොවි ජනතාවට තවමත් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. මේ නිසා පැරෂුට් වගා ක්‍රමය ව්‍යාප්ත කිරීම සඳහා සියලු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

පසුගිය සිකුරාදා (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අපේ රටේ වී වගාවේ අස්වැන්න ඉහළ නැංවීමට නම් නව වගා ක්‍රම හඳුන්වා දිය යුතු බව මෙහිදී අවධාරණය වූ අතර පැරෂුට් ක්‍රමය භාවිතා කිරීම මගින් අක්කරයකින් දැනට ලැබෙන වී අස්වැන්න ඉහළ නැංවීමටත් ගොවියෙකුට ලැබෙන ආදායම අක්කරයකට රුපියල් 35,000කින් ඉහළ නංවා ගැනීමටත් හැකිවේ.

එමෙන්ම සාම්ප්‍රදායික ලෙස වී වගාවට වැය වෙන මුදල අවම කර ගැනීම, පොහොර සඳහා වැය වන මුදල අවමවීම, වල්මර්දනය සඳහා වල් නාශක භාවිතය සඳහා යන වියදම අවම වීම, අක්කරයකින් ඉහළ අස්වැන්නක් ලබා ගත හැකිවීම නිසා මෙම වගා ක්‍රමය හැම අතින්ම සාර්ථක වී වගා ක්‍රමයකි.

පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම සඳහා අක්කරයකට වී තවාන් තැටි 350ක් පමණ අවශ්‍ය වේ.

අපේ රටේ වී වගාව තුළ පැරෂුට් ක්‍රමය ව්‍යාප්ත කිරීම සඳහා මෙම වසරේ මහ කන්නයේ දී සියලුම ගොවීන්ට පැරෂුට් තවාන් තැටි ලබා දීම සම්බන්ධව රජයේ අවධානය යොමු කරන බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.

එමෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ දී පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම ව්‍යාප්ත කරවීම සදහා රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. මේ යටතේ අක්කර 13,000ක වී වගා කිරීම සදහා කටයුතු යොදා තිබේ. මෙම මුදල් යොදා ගනිමින් ගොවීන්ට තවාන් තැටි නොමිලයේ ලබා දීමටත් , එමෙන්ම මේ සම්බන්ධව තාක්ෂණික දැනුම ගොවීන්ට ලබා දීමටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

එමෙන්ම දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය හා කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව ව්‍යාපෘතිය යටතේ ද පැරෂුට් තවාන් තැටි ලබා දීමට කටයුතු යොදන ලෙස අමාත්‍යවරයා එම ව්‍යාපෘති බාර නිලධාරින්ට උපදෙස් දුන්නේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital