Home දේශීය පුවත් පාස්පෝට් කාර්යාල පරිශ්‍රයට එන ජනතාවට ආසන පනවයි

පාස්පෝට් කාර්යාල පරිශ්‍රයට එන ජනතාවට ආසන පනවයි

by Free News
0 comment

ජාතික හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගේ පහසුව පිණිස නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ ආසන පැනවීමට පියවර ගෙන ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එම ස්ථානයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර සහ ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට දෛනිකව විශාල මහ ජනතාවක් පැමිණෙයි. එම ස්ථානයේ ඔවුන්ට වාඩි වී සිටීමට ඇති ආසන ප්‍රමාණවත් නොමැති බැවින් බොහෝ විට ඔවුන් වාඩි වී සිටින්නේ ගස්යට, තාප්ප උඩ හෝ මහපාරේය.

ඊට සහනයක් ලෙස මහ ජනතාවට වාඩි වී සිටීමට මෙලෙස එම ස්ථානයේ ආසන පැනවීමට පියවර ගැනිණ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital