Home දේශීය පුවත් පාස්ටර් ජෙරොම් පැමිණි වහාම අත්අඩංගුවට !

පාස්ටර් ජෙරොම් පැමිණි වහාම අත්අඩංගුවට !

by Free News
0 comment

බුදුරජාණන් වහන්සේට අපහාස වන ප්‍රකාශයක් මහනුවරදී සිය අනුගාමිකයන්ට පවසමින් ආගමික සන්හිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ ද විමර්ශනයක් පැවැත්වීම කෙරෙහි පොලිසියේ අවධානය යොමු වී ඇත.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සතු දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ එම වත්කම් උපයා ගත් ආකාරය ගැන සොයා බැලීමටය.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය අනුගාමිකයන්ට දේශන පැවැත්වීමට යොදා ගන්නා කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි සුවිසල් ගොඩනැඟිල්ල ගැනද මෙහිදී විශේෂ අවධානයකට යොමු කිරීමට නියමිතය.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම පොලිස් මූලස්ථානයටද මේ වන විට පැමිණිලි ගලා එන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව ජනපති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කරනවාත් සමඟ ඔහු සිය බිරිය හා දරුවන් සමඟ රටින් පිටව ගොස් තිබිණි. මේ වන විට ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පවා පනවා ඇති බැවින් නැවත ඔහු මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සම්බන්ධයෙන් පෙරේදා (16) පැවති මාධ්‍ය හමුවේදී මෙසේ සඳහන් කළේය.

“පාස්ටර් ජෙරොම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. පැමිණිලි ලැබුණට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණයෙන් ලබා ගත්තේ. පාස්ටර් ජෙරොම් රටින් පිටත් වෙලා තියෙනවා පසුගිය ඉරිදා දිනයේදී. ඔහු විදේශගත වුණු බවට වාර්තා වෙලා තියෙනවා. නමුත් විදේශ ගමන් තහනම අපි ලබා ගන්නේ 16 වැනිදායි. ඒ කියන්නේ සංචාරක ගමන් තහනමක් ලබා ගත්තම ඒ රටෙන් පිට වෙන්නත් බෑ. ඒ වගේම රටට ඇතුළු වෙන්නත් බෑ. ඒ අවස්ථා දෙකේදීම අත්අඩංගුවට පත්වීමක් සිදුවෙනවා. පැමිණිලි ආවට පස්සේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරන්නේ. එයින් පසුව තමා අධිකරණයට කරුණු ඉදිරිපත් කර විදේශ ගමන් තහනමක් ලබා ගන්නේ. ඒ සඳහා යම් ආකාරයක විමර්ශනයක් පැවැත්විය යුතුයි. එතකොට පැමිණිලි ලැබිලා ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ කාලය තුළ තමා අධිකරණයට තොරතුරු ඉදිරිපත් කරලා, සාක්ෂි ඉදිරිපත් කරලා මේ තහනම ලබාගන්නේ.

මේ සම්බන්ධයෙන් කිසිම බලපෑමක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් සිදුව නැහැ. පැමිණිලිකරුවන් මේ සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිටිනවා. ඔවුන්ට අවශ්‍ය යුක්තිය ඉටු කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනවා. මේ විමර්ශන අධිකරණය හා සම්බන්ධ වෙමිනුයි සිදු කරන්නේ. ඒ විතරක් නෙමෙයි අවශ්‍යතාවක් තිබෙනවා නම් නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීම සිදු කරනවා. ඒ අනුව විමර්ශන තනියෙන් පොලිසිය සිදු කරන එකක් නෙමෙයි. අනෙකුත් යුක්තිය පසිඳලන ආයතන සම්බන්ධ වෙලා තමයි සිදු කරන්නේ.“

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital