පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීම ඇතුළු චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා.
දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කළේ මෙම අවස්ථාවේදී විත්තිකරුවන් ඇප මත මුදා හැරීම යෝග්‍ය නොවන බවයි. ඒ අනුව අප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
ඉන් අනතුරුව නඩුව නැවත පෙබරවාරි මස 01 වනදා කැදවීමට නියම කෙරුණා.