Home දේශීය පුවත් පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාවට පාසල් කමිටුවක් පත්කිරීමේ තීරණයක් !

පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාවට පාසල් කමිටුවක් පත්කිරීමේ තීරණයක් !

by Free News
0 comment
පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාව

පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාව පාසල් කමිටුවක් වෙත පැවරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අදාළ කමිටුව ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් සමන්විය යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී ඒ මෙම තීරණයට එළැඹ තිබුණා.

ළමුන් අතර මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්තිය පාලනයට ගතයුතු පියවර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණා.

එහිදී මත්ද්‍රව්‍ය භාවිත කළ අය හඳුනාගැනීම සහ ඔවුන් සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව පැවැත්වීමටත්, පාසල් පරිසරය සිසුන්ට ප්‍රියජනක පරිසරයක් ලෙස පවත්වාගෙන යාමටත් පියවර ගත යුතු බවටත් සාකච්ඡා වී තිබෙනවා.

මේ වනවිටත් නිකුත් කර ඇති 2020.07.29 දිනැති 20/2020 අංක දරණ අධ්‍යාපන ආයතන පරිශ්‍රයන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, මධ්‍යසාර සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය සහ වෙළෙඳාමෙන් තොර කලාපයක් බවට පත් කිරීම උදෘතයෙන් යුතු චක්‍රලේඛය විදුහල්පතිවරුන් වෙත නැවත යොමු කිරීමේ අවශ්‍යතාවය ද එහිදී පෙන්වා දුන් බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

පාසල්, කලාප සහ පළාත් මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා සුදුසු ක්‍රමවේද මගින් මත්ද්‍රව්‍ය පාසල් පරිශ්‍රවලින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධව ද එහිදී අවධානය යොමු වී තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital