Home දේශපාලනය පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

by Free News
0 comment

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නව සභාවාර‍යට අදාළ පළමු රැස්වීමේදී මේ බව තීරණය වී ඇත.

මේ අනුව පෙබරවාරි 21 වැනි අගහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පෙ.ව 9.30 සිට 5.00 දක්වා ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ අංක 2245/29 , 2248/36, 2248/37 සහ 2258/14 යන ගැසට් පත්‍රවල පළකළ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ අංක 2303/07 දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝගය විවාද කිරීමේන අනතුරුව අනුමතිය ලබා ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

පෙබරවාරි 22 වැනි බදාදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2299/46 සහ 2299/47 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග දෙකක් විවාද කිරීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය. ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.

පෙබරවාරි 23 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2309/40, 2311/08 සහ 2311/18 දරන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසි ත්‍රිත්වයක් මෙන්ම සුරාබදු ආඥා පනත යටතේ අංක 2290/24 ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බවද දසනායක මහතා පැවසීය.

ඉන්පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉන්ජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව තිබේ.

අනතුරුව විරුද්ධ පාර්ශ්වය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

පෙබරවාරි 24 වැනි සිකුරාදා වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන ඩිල්ශාඩ් රොහාන් තිස්ස අබේගුණසේකර, අබ්දුල් බායිස් කමර්ඩීන්, ආතවුද සෙනෙවිරත්න සහ තිස්ස රෙජිනෝල්ඩ් බලල්ලේ යන මහත්වරුන් සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන්කර තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital