Home විදේශීය පුවත් පාකිස්තාන හිටපු ජනපති අභාවප්‍රාප්ත වෙයි

පාකිස්තාන හිටපු ජනපති අභාවප්‍රාප්ත වෙයි

by Free News
0 comment

දිල්ලියේ උපන් පාකිස්ථානයේ හිටපු ජනාධිපති සහ යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී පර්වේස් මුෂාරෆ් ඊයේ(05) ඩුබායි හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඔහු ප්‍රතිකාර ලබමින් සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ඇමරිකා රෝහලේදී යි.

දීර්ඝ කාලයක් රෝගීව සිටි 79 හැවිරිදි මුෂාරෆ් පසුගිය වසර අටක් ඩුබායි හි වාසය කළා.

එහෙත් ඔහුගේ ඥාතීන් පැවසුවේ, ජීවිතයේ අවසන් කාලය මව් රටේ ගතකිරීමට කැමැත්තෙන් සිටි මුෂාරෆ් හැකි ඉක්මනින් නැවත පාකිස්තානයට යාමට සුදානමින් සිටි බවයි.

ශ්‍රී ලංකා යුද හමුදා 50 වන සංවත්සරයට සහභාගී වී නැවත පාකිස්තානයට යමින් සිටියදී එවක හිටපු පාකිස්තාන අගමැති නවාස් ෂරීස් පර්වේස් මුෂාරෆ් පාකිස්තාන හමුදාපති ධූරයෙන් ඉවත් කළා.

ඊට විරුද්ධව පර්වේස් මුෂාරෆ් ගේ සාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඔහු පාකිස්තානයේ 10 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්වුණා.

එමෙන්ම ඔහු 1998 වසරේ සිට 2001 වසර දක්වා පාකිස්තානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී සහ 1998 වසරේ සිට 2007 වසර දක්වා 7 වැනි ඉහළ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළා.

2007 වසරේ දී හිටපු අගමැති බෙනාසීර් භූතෝ ඝාතනය සම්බන්ධයෙන් පර්වේස් මුෂාරෆ් චෝදනා ලැබූවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital