Home දේශපාලනය ප්‍රභාකරන් යළි පැමිණෙයි

ප්‍රභාකරන් යළි පැමිණෙයි

by Free News
0 comment

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ජීවතුන් අතර සිටින බව තමිල්නාඩුවේ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වන පසා නෙදුමාරන් ප්‍රකාශ කළා.

NDTV වාර්තා කළේ, වේළුපිල්ලේ ප්‍රභාකරන් ළඟදීම ප්‍රසිද්ධියේ පෙනී සිටින බව ද පසා නෙදුමාරන් ප්‍රකාශ කළ බවයි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්, 2009 වසරේ මැයි 18 වෙනිදා මුලතිව් මුල්ලිවයිකාල්හි දී ශ්‍රී ලංකා හමුදා මෙහෙයුමකින් මියගිය බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ බව ද NDTV වාර්තා කළා.

ලෝක ද්‍රවිඩ සම්මේලනයේ සභාපතිවරයා ද වන පාසා නෙදුමාරන් තන්ජාවුර්හිදී මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ, වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටීම ලෝකයට ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බවත්, දෙමළ ඊළම සඳහා ඔහුගේ සැලසුම් ප්‍රකාශ කරනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජනතා නැගිටීමෙන් පසු රාජපක්ෂ රජය බිඳවැටීම යහපත් තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත්, එය වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ යළි පෙනී සිටීමට සුදුසු කාලය බව ද නෙදුමාරන් ප්‍රකාශ කර තිබෙනවා.

වේළුපිල්ලේ ප්‍රභාකරන්, 1991 වසරේ දී ශ්‍රීපෙරුම්බුදූර් හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ ප්‍රධාන චූදිතයෙකු වූ අතර, පසුව ප්‍රකාශිත වැරදිකරුවෙක් ලෙස ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම, මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළුව එල්ල කළ ප්‍රහාරවලින් දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය, ගුවන් හමුදාවක් සහිත ලොව පළමු ත්‍රස්ත සංවිධානය බවට පත්වුණා.

මේ වන විටත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කර තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital