Home දේශීය පුවත් ප්‍රධාන පාසලක ගුරුවරයෙක් අල්ලස් ගැනීමට යාමේදි අත්අඩංගුවට !

ප්‍රධාන පාසලක ගුරුවරයෙක් අල්ලස් ගැනීමට යාමේදි අත්අඩංගුවට !

by Free News
0 comment

කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයෙකු සිසුවෙකු පාසලට ඇතුළත් කිරීම සදහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීමට යාමේදි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ උසස් පෙළ කලා අංශය භාර ප්‍රධාන ගුරුවරයා බවට තොරතුරු වාර්තා වේ.

සැකකාර ගුරුවරයා අනුරාධපුර ප්‍රදේශයේ සිසුවෙකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීමට එම සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක් මුදලක් ඉල්ලා ඇත.

මේ පිළිබදව සිසුවාගේ පියා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණල්ලක් කර අනතුරුව අල්ලස් මුදල ගුරුවරයාට ලබාදීම සදහා කුරුණෑගල නගරයට පැමිණෙන ලෙසට දන්වා ඇත.

එම මුදලට ලබා ගැනීම ගිය අවස්ථාවේදී සැකකාර ගුරුවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ගුරුවරයා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital