වත්තල සහ ඒ අවට ප්‍රදේශ රැසකට පැය දොළහක ජල කප්පාදුවක් ක්‍රියාත්මක සිදු කෙරන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
මේ අනුව වත්තල, හැඳල, අල්විස් නගරය, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, නායක්කන්ද, ගලගහදූව මරදාන පාර, හුණුපිටිය, වෙඩිකන්ද, වේවල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියාතුඩුව, දළුපිටිය පාරේ සිට අක්බාර් ටවුන් පාලම දක්වා ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදු කෙරෙයි.
ඒ අනුව අද (21) පෙරවරු 10:00 සිට රාත්‍රී 10:00 දක්වා මෙම ජල කප්පාදුව සිදු කෙරෙනු ඇත.