Home දේශීය පුවත් ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන ත්‍රිත්වයක් !

ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන ත්‍රිත්වයක් !

by Free News
0 comment

රත්ගම පොලිස් වසමේ ඕවකන්ද ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී එක් කාන්තාවක් මියගොස් තිබේ.

ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ (26) එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මරණකාරිය තම නිවසේ සිටියදී ඇයගේ මවගේ මල්ලි නිවසට පැමිණ මරණකාරියට සහ ඇගේ මවට තියුණු ආයුධයකින් පහරදී ඇත.

එසේ මියගොස් ඇත්තේ, 20 හැවිරිදි ඕවකන්ද, රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

තුවාලකාරිය කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

එසේ මියගොස් ඇත්තේ, 22 හැවිරිදි ඉඩම්තොට අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තම නිවස ආසන්නයේ මාර්ගයේ සිටියදී පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ තියුණු ආයුධවලින් පහරදී ඇති අතර, බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

පැරණි අමනාපයක් මත ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුකර තිබේ.

මේ අතර දිවුලපිටිය, මරදගහමුල හන්දිය ආසන්නයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මරදගහමුල හන්දිය ආසන්නයේදී මාර්ගයේ ගමන්කළ මෝටර් රථයක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මඟ හරස් කර නවතා මෝටර් රථයේ රියදුරුට තියුණු ආයුධයකින් පහරදී, මොටර් රථයේ පැමිණි පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදී ඇත.

තුවාලකරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, කැපුම් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) දහවල් කායේදී මියගොස් ඇත.

එසේ මියගොස් ඇත්තේ, 49 හැවිරිදි විටිනාපහ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

e?

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital