Home දේශීය පුවත් ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

by Free News
0 comment

ප්‍රදේශ කිහිපයකට අද (08) පෙ.ව.10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවිනි.

ඒ අනුව කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

එමෙන්ම ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා යනප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලුම අතුරු මාර්ගවලට ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසීය.

අමතර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා 1939 ක්ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබාගත හැකිය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital