Home දේශපාලනය පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනේට යටවන ලකුණු!

පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනේට යටවන ලකුණු!

by Free News
0 comment

මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි වුවහොත් පළාත් පාලන ආයතන ලබන මස 20 වැනිදා සිට කොමසාරිස් පාලනය යටතට පත්වීමට නියමිතය.

ඒ එම ආයනතවල ධුර කාලය අවසන් වීම හේතුවෙනි.

අදාළ තත්ත්වය යටතේ ප්‍රාදේශීය සභා හා නගර සභා ලේකම්වරුන් මෙන්ම නාගරික කොමසාරිස්වරුන් විසින් එම ආයතනවල පරිපාලන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා කියා සිටී.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෙට කැඳවීමට නියමිතව තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව මැතිවරණ කොමිසම අනිද්දා රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.

මේ වනවිටත් මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීම රාජ්‍ය මුද්‍රණාලය ක්‍රියා නොකිරීම හේතුවෙනි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් රාජ්‍ය මුද්‍රණාලය එම පියවර ගත්තේ ය.

මේ අතර මැතිවරණ කොමිසම පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ විවිධ ගැටලු හේතු මත පොරොන්දු වූ පරිදි මාර්තු 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් මතුව ඇති බවයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital