පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතාත්, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස මහින්ද සනත් වීරසූරිය මහතාත් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
එම පත්වීම් ජනවාරි 01 වනදා සිට බලාත්මක ය.