Home දේශීය පුවත් පළමු බිත්තර තොගය දිවයිනට

පළමු බිත්තර තොගය දිවයිනට

by Free News
0 comment

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී තිබේ.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ටී.ඒ.ඩී රංජිත් මහතා සඳහන් කළේ අදාළ බිත්තර තොගය අද අළුයම දිවයිනට ළඟාවූ බවය.

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කරනු ලැබීය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති බවය.

දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ආනයනය කරන ලද බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවය

 

 

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital