ඡන්ද පත්‍රිකා හෙට දිනය ඇතුළත ලබා දෙන්නේ නම් බාධාවකින් තොරව සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය නියමිත දිනවලට පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවේ රජයේ මුද්‍රණාලාධිපතිනිය, මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක් මත කටයුතු කිරීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වී ඇති බවයි. එහෙත් මැතිවරණය පැවැත්වීමට එම චක්‍රලේඛය අදාළ නොවන බවද ඔහු කියා සිටියා.
අදාළ පාර්ශව ගෙන්වා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළද මුදල් අමාත්‍යංශයෙන් අදාළ මුදල ලබා දීමට හෝ රජයේ මුද්‍රණාලයෙන් තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.