ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.
ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 191 දරණ යානයෙන් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය කටුනායක ගුවන්තොටුපල වෙත ඊයේ රාත්‍රියේ පැමිණියා.
ඇය සමඟ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිනවා.