නීති විරෝධී අන්දමින් සිදුකෙරෙන ජංගම දුරකථන ආනයන වැළැක්වීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
ජංගම දුරකථන ආනයනකරුවන් සමග මුදල් අමාත්‍යංශයේදී ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු ඒ බව සදහන් කළේය. මෙම ආනයන හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බව රාජ්‍ය ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
නීත්‍යානුකුලව ආනයනය කෙරෙන සියලු දුරකථනවල අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරේ. දුරකථන අස්ථානගතවීකදී හෝ නීති විරෝධී ක්‍රියාවල යොදා ගැනීමකදී ඒවා හදුනා ගැනෙන්නේ එම අංකවලිනි.
එහෙත් නීති විරෝධීි අන්දමින් ආනයන කෙරෙන දුරකථන එවැනි ලියාපදිංචි කිරීමක් සිදුනොවේ. නීත්‍යානුකුලව ආනයනය කෙරෙන සියලු ජංගම දුරකථන සෞඛෟයාරක්‍ෂිත බවට තහවුරු කෙරේ. එහෙත් නීති විරෝධි ආනයනවලදී එවැන්නක් සිදුනොවේ.
මේ සියලු කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව නීති විරෝධීි අන්දමින් ජංගම දුරකථන ආනයනය කිරීමට එරෙහි නීති දැඩි කරන්නැයි රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා රේගුවට උපදෙස් දී තිබේ.