යාපනය ඩෙල්ෆ් ජැටිය ආසන්නයේ නිවසක සිටි පස් දෙනෙකු ඝාතනය කර තවත් කාන්තාවකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වේ.
පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් 3 දෙනෙකු තියුණු ආයුධවලින් පහරදී අදාල නිවස තුළම ඝාතනය කර තිබේ.
බරපතල තත්ත්වයේ පසුවූ කාන්තාවක ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත. ඊයේ රාත්‍රියේ හා අද උදෑසන අතර කාලයේදී මෙම ඝාතන සිදුව ඇති බවට පොලිසිය සැක කරයි.
මෙම ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
ඩෙල්ෆ් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.