Home දේශීය පුවත් නිවසක් ගිනිගෙන මව සහ දරු දෙදෙනා මරුට

නිවසක් ගිනිගෙන මව සහ දරු දෙදෙනා මරුට

by Free News
0 comment

මහමාන්කඩවල,වැවපාර ප්‍රදේශයේ නිවසක අද අළුයම සිදුවු හදිසි ගින්නක් හේතුවෙන් මව,දියණිය හා පුතා පිලිස්සි මිය ගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වැවපාර,මහමාන්කඩවල,ඇලයාපත්තුව යන ලිපිනයේ පදිංචි නිශාන්ති හේමලතා(30)නැමති මව හා ඇගේ දියණිය වන ජයරත්නගේ හංසකා ප්‍රබෝදනි(10) ඇයගේ පුතා වන ජයරත්නගේ විනුජ නවෝද් ජයරත්න((05)නැමති තිදෙනෙකි.

මෙම ගිණි ගැනිමෙන් මෙම නිවසේ හිමි පියාවන ජයරත්නගේ සමන්ත(37)යන අයද බරපතල පිලුස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

ගින්න හට ගෙන කෙටි වේලාවකින් අසල්වාසින් එක්ව ගින්න නිවා දැමුවද ඒවන විටත් කාමරයේ නිදා සිටි මවත් ඇගේ දියණිය හා පුතාත් පිලිස්සුම් තුවාල ලබා එම ස්ථානයේම මිය ගොස් තිබේ.තුවාල ලැබු පියා රෝහල් ගත කොට තිබේ.

මෙම නිවසට වෙනත් නිවසකින් විදුලි රැහැන් ඇද විදුලිය ලබාගෙන තිබු බවත් එම කාමරයේ පෙට්ට්‍රල් බුලියක් තිබු බවත් සිදුකළ මුලික පරික්ෂණයේදි අනාවරණය වු බවද පොලිසිය පැවසිය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital