රත්නපුර ඇලපාත පොලිස් වසමේ නිරිඇල්ල ප්‍රදේශයේ දොළක් අසළ තිබූ හමු වූ උපාධිධාරීණියගේ මරණය සම්බන්ධයෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම මහතා විසින් විවෘත තීන්දුවක් ලබා දුන්නේය.
මරණය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් ප්‍රකාශ කළ නොහැකි නිසා සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගන්නැයි දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් වෛද්‍යවරයා පොලීසියට දන්වා සිටියේය.
මෙම මරණය සිදුව තිබූ ස්ථානයට පැමිණි රත්නපුර මහේෂ්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුමිත් ආනන්ද මහතා ස්ථානීය පරීක්ෂණයක් සිදුකර මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යැවීමට කටයුතු කළේය.
මෙම මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ කළ නොහැකි බවත් , ශරීරයයේ තැලීමක්, ගෙල සිර කිරීමක් සිදුව නොමැති බවත් ,අතවරයකට ලක්ව නැති බවත් ප්‍රකාශ කර ඇත