Home දේශීය පුවත් නිර්මාණාත්මක කලාවන් සඳහාවන ලොව ප්‍රථම e-commerce වෙබ් අඩවිය එළිදකී !

නිර්මාණාත්මක කලාවන් සඳහාවන ලොව ප්‍රථම e-commerce වෙබ් අඩවිය එළිදකී !

by Free News
0 comment

නිර්මාණාත්මක කලාවන් (Creative Arts) සඳහා වන ලොව ප්‍රථම e commerce වෙබ් අඩවිය එළිදැක්වීම පසුගියදා (16) සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයීය පණිභාරත රංග ශාලාවේදි පැවැත්විණ.

esca.lk ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය මඟින් ක්‍රියාත්මක කරන නවතම කලා ව්‍යවසාය ව්‍යාපෘතිය වේ.

ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම කලාකරුවෙකුට සිය නිර්මාණ ජාත්‍යන්තරය වෙත අලෙවි කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. ඕනෑම කලාකරුවෙකුට මෙම වෙබ් අඩවියේ නොමිලයේ ලියාපදිංචි වී තමන් වෙනුවෙන් අන්තර්ජාල අලෙවිහලක්(e shop)වෙන් කර ගැනීමට අවස්ථාව පවති.

කලා කෘතියේ විකුණුම් මිලෙන් සියයට 20ක මුදලක් විශ්ව විද්‍යාලයට හිමිවන අතර ඉතිරි සියයට 80 කලාකරුවාට හිමිවේ.

සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ පාලක සභාව යටතේ, විශ්ව විද්‍යාල ව්‍යාපෘති සම්බන්ධීකරණ ඒකකය(UBL) විසින් මෙම් වෙබ් අඩවිය පාලනය කරනු ලබයි.

එමෙන්ම 2023 වසරේ මාර්තු මස 23 වැනිදා රහස් සංධ්වනිය(Secret Symphony) නමින් සුවිශේෂ සංස්කෘතික ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමටද සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය සැලසුම් කර ඇත. ඊට ජනාධිපති කාර්‍යාලයේ සහයෝගයද හිමිව තිබේ. සංගීත, නර්තන, නාට්‍ය හා රංගකලා, බහුමාධ්‍ය කලා ඉදිරිපත් කිරීම් ආදියෙන් එම ප්‍රසංගය සමන්විත වේ.මෙම ප්‍රසංගය සඳහා නළු නිළියන් 100 කට අධික පිරිසක්ද, වාද්‍ය ශිල්පීන් 30කට අධික පිරිසක්ද, අත්වැල්ගායක ගායිකාවන් 40 කට අධික පිරිසක්ද, අවශේෂ ශිල්පීන් 50 කට අධික පිරිසක්ද මෙම ප්‍රසංගය සඳහා දායකත්වය සපයති. සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරු, විද්‍යාර්ථිහු,ආදි විද්‍යාර්ථීහු ඒ සඳහා එක්ව සිටිති. මෙම ප්‍රසංගයේ අධ්‍යක්ෂකවරයා ලෙස මහාචාර්‍ය ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතා කටයුතු කරන අතර, සහය අධ්‍යක්ෂකවරයා ලෙස මහාචාර්‍ය සෞම්‍ය ලියනගේ මහතා කටයුතු කරයි.ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය මහාචාර්‍ය කෝලිත භානු දිසානායක මහතාගෙනි.

ඉදිරියේදි මෙම ප්‍රසංගය පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමටද සෞන්දර්‍ය කලා විශ්ව විද්‍යාලය අපේක්ෂා කරයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital