නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බරවාහන ධාවනය තාවකාලිකව තහනම් කෙරේ.
අධික බෑවුම් සහිත මාර්ගයක් වන මෙහි අනතුරු ගණනාවක් සිදුව තිබේ.
පාසල් දරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ රාත්‍රියේ අනතුරට ලක්වූයේද රදැල්ල කෙටි මාර්ගයේ කාබර්ග් වත්ත ප්‍රදේශයේදීය.
මේ හේතුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සහ නානුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව නානුඔය කෙටි මාර්ගයේ බරවාහන ධාවනය තහනම් කිරීමට දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පියවර ගෙන ඇත.