ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (ජනවාරි 02) උදෑසන වැඩ භාර ගත්තේය.
ඔහු විභාග දෙපාර්තමේන්තුවේ 21වන විභාග කොමසාරිස් ජනරාල්වරයාය.
හිටපු විභාග කොමසාරිස් ජනරාල් L.M.D ධර්මසේන මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල් වශයෙන් අමිත් ජයසුන්දර මහතා අද උදෑසන වැඩ භාර ගැනීම සිදුකළේය.
ඔහු මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් පාලන වශයෙන් කටයුතු කර තිබේ.