Home දේශීය පුවත් නව වසර ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි – ජනපති

නව වසර ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි – ජනපති

by Free News
0 comment

නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් පවසා සිටී.

අප 2023 නව වසරට පිවිසෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ වසරක් නිමා කරමින් බව වැඩිදුරටත් සඳහන් කරන ජනාධිපතිවරයා රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් තමා සතු බවද පෙන්වා දෙයි. එම පණිවුඩයේ මෙසේද දැක්වේ.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත්විජිතයක්ව පැවත, ඉන් නිදහස ලබා 2023ට වසර 75ක් සපිරේ. නමුත් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස පැවත නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබා ගැනීමට අප තවමත් සමත් වී නැත. එම නිසා රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටී. එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි අතර ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ අප කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital