ශ්‍රී ලංකාවේ 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පත්කර තිබේ.
නව නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරා මහතාට හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නාවික හමුදා චාරිත්‍රානුකූලව රාජකාරීන් භාර දුන්නේය.
ඒ අනුව අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් සිදු කළ වසර 37 කට අධික අනභිභවනීය සේවය නිමා කරමින් අද (18) විශ්‍රාම යන ලදී.