Home දේශපාලනය නව ත්‍රස්ත පනතෙන් පුද්ගලයින් රදවා ගන්නේ මෙහෙමයි

නව ත්‍රස්ත පනතෙන් පුද්ගලයින් රදවා ගන්නේ මෙහෙමයි

by Free News
0 comment

නව ත්‍රස්තවාදී පනතට අනුව පුද්ගලයින් රදවා ගත හැක්කේ අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියාසිටියේ අධිකරණ අමාත්‍යංශයේ අද(30) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අර්ථ නිරූපණය කර තිබේ. එම පනත් කෙටුම්පත මගින් අධිකරණයේ තීන්දුවට සියල්ල යටත් වන අතර මෙම පනත සම්බන්ධව සෑහිමකට පත් නොවන පුද්ගලයින්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ හැකියාව පවතින බවත්, අධිකරණ අමාත්‍යවරයා එහිදී පැවසීය.

නව පනත යටතේ අත්අඩංගුවට පත් පුද්ගලයින් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමේ කටයුත්ත අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු වන බව ද මෙම පනත යටතේ වෘත්තිය සමිති මර්දනය කරන බවට සදහන් කරන කිසිවෙක් නව පනත කියවා නැති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital