ඉදිරි වසර 25 සඳහා වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම අනුකමිටුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාමාජිකයින් 10දෙනෙකුගෙන් සමන්විතයි.
කැබිනට් මණ්ඩලය මෙම අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
රටේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධාන අංශයක් ලෙස රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව සියළු පාර්ශවයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්තිය රාමුවක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරනු ලබනවා.