Home දේශීය පුවත් “නමෝ නමෝ මාතා සියවසකට පියවරක්” තේමාවෙන් නිදහස සැමරීමට පියවර

“නමෝ නමෝ මාතා සියවසකට පියවරක්” තේමාවෙන් නිදහස සැමරීමට පියවර

by Free News
0 comment

“නමෝ නමෝ මාතා සියවසකට පියවරක්” යන තේමාව යටතේ 75 වැනි ජාතික නිදහස් උත්සවය අභිමානවත් අයුරින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (03) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ කරුණු අනාවරණය විය.

මෙවර 75 වැනි නිදහස් උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර දෙකක් නිකුත් කිරීමටත් රුපියල් 1000ක වටිනාකමින් යුත් කාසි 75ක් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කිරීමටත්, 04 වැනිදා සිට 10 වැනිදා දක්වා කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් නියමිතයි.

ප්‍රධාන උත්සවයට අමතරව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් විවිධ සංස්කෘතික අංග ඇතුළත් වැඩසටහන් පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් ජාතික නිදහස් උත්සවය මෙවර ගාලුමුවදොර අබියසදී පැවැත්වීමට නියමිතය.

මේ සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ.ජී. ධර්මතිලක, ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල යන මහත්වරුන්, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ අංශ ප්‍රධානීන් හා අමාත්‍යාංශ කිහිපයක රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital