අධිකරණ තීන්දුවක් ලැබෙනතෙක් ධනුෂ්ක ගුණතිලක ට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබෙනවා.
ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ, ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි.
තරුණියකට අතවර කිරීමට අදාළ චෝදනා 4 කට පසුගිය වසරේ නොවැම්බර් 6 වෙනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත්තා.
සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට ඇප ලබාදුන්නේ දැඩි අවවාද සහ කොන්දේසි මතයි.
ඒ අනුව, එම නඩුව අවසන් වන තෙක් ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේන් පිටවීම සහ නවතැනෙන් පිටවීම තහනම් කෙරුණා.