Home දේශීය පුවත් දොඩම්පේ සිල් සුවඳින් නහවා එකම දින එකම පවුලේ පස්දෙනෙක් සසුනට [Video]

දොඩම්පේ සිල් සුවඳින් නහවා එකම දින එකම පවුලේ පස්දෙනෙක් සසුනට [Video]

by Free News
0 comment

සිය ස්වාමියාගේ අවසරය ඇතිව බිරිය, පුතුන් තිදෙනා සහ දියණිය සසුන් ගතවීමේ මහා පින්කමක් 25 වනදා රත්නපුර, දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණා.

මෙලෙස සසුන්ගත වූ සියලු දෙනාම අම්පාර නාමල්තලාවේ පදිංචිකරුවන්.

දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොටපොල සුධම්ම නාහිමිගේ සහ පරකඩුවේ නන්දකල්‍යාණී මෙහෙණින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ පින්කම පැවැත් වූ බවයි වාර්තා වන්නේ.

තිස් අට හැවිරිදි මව සුරේකා සජීවනී නාමල්තලාවේ සෝනුත්තරා නමින් ද, ඇගේ පුතුන් වන 14 හැවිරිදි ඩී. එම්. හර්ෂණ නාමල්තලාවේ සමිත නමින් ද, 09 හැවිරිදි ඩී. එම්. ගගන චන්දිම නාමල්තලාවේ සමිද්ධි නමින් ද, 07 හැවිරිදි ඩී. එම්. තෙනුවර ආකාෂ් නාමල්තලාවේ සුලක්ඛන නමින් ද, දියණිය වන 4 හැවිරිදි ඩී. එම්. යසස්සි නාමල්තලාවේ කවින්ධ්‍යා නමින් ද සසුන් ගත වී තිබෙනවා.

මිල්ලකඩේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති, කෘත්‍යාධිකාරි කොටපොල සුධම්ම නාහිමි මේ උත්සවයේ මුලසුන හොබවමින් මෙලෙස අදහස් දැක්වූවා.

“අපේ දායකයන් කොතෙක් පින්කම් කළත් ක්‍රමවේදය කුමක්ද කියා සමහරු දන්නේ නෑ. තථාගත බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භාවයක සිටු කුමරියක් හැටියට උප්පත්තිය ලැබුවා. එහිදී අබතෙල් පුජා කර ලැබෙන පිනෙන් බුදු වීම අපේක්ෂා කළා. නමුත් කාන්තාවකට බුදු වීමට නොහැකියි. එසේ වීමට පිරිමි ආත්මයක් ලැබිය යුතුයි. එදා සිටු කුමරිය සිය ස්වාමි පුරුෂයාගෙන් විවරණය ගත්තා. එය සිහිපත් කරමින් මේ විවාහක කාන්තාව සසුන්ගත වීමේදී තම ස්වාමි පුරුෂයාගෙන් විවරණයක් ගත යුතුයි. ඒ ලබන ආත්මයේ පිරිමි ආත්මයක ඉපදීමයි. එම අවස්ථාව මෙහිදී ඉටු කළා. පිරිමියෙක් වූවොත් පමණයි බුද්ධත්වය ලබන්න හැකිවන්නේ. මේ ස්වාමියා ද ඉදිරියේ සසුන් ගත වීමට නියමිතයි.”

මේ පිළිබඳ අදහස් දැක් වූ අදාළ පවුලේ ස්වාමිපුරුෂයා කියා සිටියේ ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් ඇති නමුත් බිරිය, පුතුන් තිදෙනා සහ දියණිය සසුන් දිවියට ඇතුළු වීමට ලොකු බලාපොරොත්තුවකින් සිටි නිසා ඒ සඳහා අවසර ලබා දුන් බවයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital