Home දේශීය පුවත් දේශීය ඇඟළුම් වෙනුවෙන් විශේෂ අළෙවිපොළක්

දේශීය ඇඟළුම් වෙනුවෙන් විශේෂ අළෙවිපොළක්

by Free News
0 comment

දේශීය ඇඟළුම් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එළඹෙන උත්සවසමය ඉලක්ක කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශයේ පේෂකර්ම හා දේශීය ඇඟළුම් නිෂ්පාදන ප්‍රවර්ධන අංශය මඟින් සංවිධාන කළ බතික් සහ අත් යන්ත්‍ර නිෂ්පාදන ප්‍රදර්ශණය සහ අළෙවි පොළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ ( 23) විවෘත විය.

බතික් නිෂ්පාදන, අත් යන්ත්‍ර රෙදිපිළි, ඇඟළුම්, බෑග්, පාවහන්, තිර රෙදි, මේස රෙදි, ඇඳ ඇතිරිලි, ආභරණ වැනි නිෂ්පාදන රාශියක් 20% සිට 50% ක වට්ටම් සහිතව මිලදී ගැනීමට මෙම අළෙවි පොළ හරහා පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසුනි. මීට අමතරව ලංකා BCC සමාගම, ලංකා සළුසල, ජාතික මෝස්තර මධ්‍යස්ථානය යන ආයතන වල නිෂ්පාදන හා උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක්ද සහනදායි මිලට ලබාගැනීමට මෙම අළෙවි පොළ මඟින් අවස්ථාව ලබාදී තිබුනි.

උත්සව සමයේදී තත්වයෙන් උසස් භාණ්ඩ සහනදායි මිලට මෙවැනි ජංගම අළෙවි පොළවල් මඟින් පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කිරීම වැදගත් බව මෙම අවස්ථාවට සහභාගි වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය. මෙම අවස්ථාවට හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් , අමාත්‍යාංශයේ නිලධාරීන්, පාරිභෝගික ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital