දුම්රිය දෙපාර්තමේන්තුවට සතු දෙමටගොඩ ධාවනාගාරයට ඇතුළු වූ සොරුන් තිදෙනෙකු අහසට වෙඩි තබා මෙල්ල කර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශය කියා සිටියා.
කෙසේ වෙතත් එක් සැකකරුවෙකු එම අවස්ථාවේ පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අක්කර 54ක් වූ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ විවිධ උපාංග කාලයක් තිස්සේ කිසියම් පිරිසක් සොරා ගන්නා බවට පැමිණිලි ලැබී තිබුණා.
ඊයේ දහවල් මෙලෙස ඇතුළු වූ සොරුන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහ කර තිබෙනවා.
එම අවස්ථාවේ ආරක්ෂක අංශයේ සිටි සෙසු පිරිස අහසට වෙඩි තබා සැකකරුවන් දෙදෙනෙකු මෙල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස ඩීසල්, දුම්රිය අමතර කොටස් සහ තඹ කම්බි ද සොයාගෙන තිබූ බව දුම්රිය ආරක්ෂක අංශය ප්‍රකාශ කළා.
පැය දෙකක පමණ කාලයක් මෙම සොරුන් තිදෙනා මෙල්ල කිරීමට ගත කර ඇති අතර පළාගිය සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර, කවුරු අකමැතිවුවත් දුම්රිය දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධණ ප්‍රකාශ කළා.