දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකල පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (07) දින දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණය තුළ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 010 ක් (පැකට් 660) සන්තකයේ තබාගෙන සිටි මාලිගාවත්ත, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38, 54 ක් වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම සැකකරුවන්ගෙන් වැඩි දුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වූ දෙමටගොඩ චමින්ද යන අයගේ පුත්‍රයා වන මලීෂ ආකාෂ් යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.