Home දේශීය පුවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැඩි තීරණයක් ගැනීමට සැරසේ !

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැඩි තීරණයක් ගැනීමට සැරසේ !

by Free News
0 comment

අමාත්‍යාංශය කඩිනම් පියවරක් ගැනීමට අපොහොසත් වුව හොත් රටපුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

දුම්රිය සේවක හිඟය මඟ හරවා ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර නො ගත හොත් වහා ම රටපුරා වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට පසුබට නොවන බව යි මෙසේ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (ජනවාරි 02) ප්‍රකාශ කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධා සෝමරත්න පැවසුවේ, දෙසැම්බර් 31 වැනි දාට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු දුම්රිය සේවකයන් විශ්‍රාම ගැන්වීමට අදාළ ව නිකුත් කළ ලිපියත් සමඟ සමස්ත දුම්රිය සේවය ම අර්බුදයකට ලක් ව ඇති බව යි.

ඒ සඳහා අවශ්‍ය විශ්‍රාම ගැන්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් සෘජුව ම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත නිකුත් කළ බව යි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

“අලුත් අවුරුද්ද ආරම්භයත් සමඟම ඊයේ උදේ අව ම වශයෙන් දුම්රිය අටක් වත් අවලංගු කළා. සවස් වන විට එම සංඛ්‍යාව වැඩි කළ හැකි යි. සේවක හිඟය නිසා අපි දුම්රිය ස්ථානවල සේවා සැපයීම දුෂ්කර තත්ත්වයකට පත් වෙලා. ඒ නිසා වහා ම ඉහත ප්‍රශ්නයට විසඳුම් ඉතා අවශ්‍ය යි”

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital