බත්තරමුල්ල, දියවන්නා ඔයේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ලද තොරතුරක් අනුව අද උදෑසන මළ සිරුර සොයා ගත් බවයි.
ඇගේ පාවහන් යුගළ ද ඒ අසල තිබී සොයා ගත් බව පොලිසිය පැවසී ය.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන වැලිකඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි.