Home දේශීය පුවත් දින 90ක් බූරු මූණාගෙන් ප්‍රශ්න කරයි

දින 90ක් බූරු මූණාගෙන් ප්‍රශ්න කරයි

by Free News
0 comment

මිනිස් ඝාතන 09කට වගකිව යුතු බව කියැවෙන රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා නමැති පාතාලයේ අභිරහස් වෙඩික්කරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් දින 90ක කාලයක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට පොලිසියට අවසර හිමිව ඇත.

ඒ අනුව බූරු මූණාව මිරිහාන පොලිස් ස්ථානයේ රඳවාගෙන දීර්ඝ ලෙස ඔහු විසින් කර ඇති අපරාධ ගැන මෙන්ම අපරාධ සඳහා ඔහුට ආධාර හා අනුබලදුන් පුද්ගලයන් ගැන විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ හැරුණුකොට මෙම අපරාධකරුට රැකවරණය ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන්ද විශේෂයෙන් කරුණු සොයා බලමින් සිටින බවත් ඒ අයට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවත් එම නිලධාරියා කීය.

ඉකුත් පෙබරවාරි මස 24 දා කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පලා ගිය බූරු මූණා මීගමුවේ හෝටලයක දින දෙකක් නතරවී සිට කුරුණෑගලට ගොස් කොස්කැලේ ප්‍රදේශයේ දී නීතිඥවරයකු සමඟ තිරප්පනේ පිහිටි නි‍ෙවසකට ගොස් ඇති බව ද විමර්ශනවලින් මේ වන විට හෙළිවී ඇත.

එම නිවසේ හිමිකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන විශ්‍රාමික හමුදා නිලධාරියකු බව ද අනාවරණය වී තිබේ.

බුරු මුණාට තිරප්පනේ නි‍ෙවසේ රැකවරණය ලබා දී ඇත්තේ ඉතාලියේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ අපරාධකරුවෙක් වන රත්ගම විදුර නමැත්තාගේ ඉල්ලීම මත ඩුබායිහි සැඟව සිටින ගඟන නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් කළ දැනුම්දීමකට අනුව බව පොලිසිය කියයි.

සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 15 වෙනිදා තිරප්පනේ නි‍ෙවස වෙත ගොස් වෑන් රථයකින් බුරු මුණාව තිරප්පනේ සිට කරවනැල්ලට රැගෙන විත් එහි හෝටලයක රඳවා තබා ඇති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, පොලිස් අධිකාරී චන්දන ගමගේ මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් සැරයන් 40248 ප්‍රසන්න මහතා ඇතුළු කණ්ඩායම් පරීක්ෂණ පවත්වති.

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital