ගෙවී ගිය වසරේ (2022) දෙසැම්බර් 23 සිට 2023 ජනවාරි මස 02 දක්වා දින 10ක කාලය තුළ යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි සංචාරකයන් වෙතින් රුපියල් කෝටි 6.8ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම කාලය තුළ මෙතෙක් යාල වනෝද්‍යානය ලද ඉහළම ආදායම පෙරේදා (02) වාර්තා වී තිබූ අතර එම දිනය තුළ පමණක් ආදායම රු.11,264,179.10කි.
වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පෙරේදා (02) කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය කළේය.
ඒ අනුව 2022.12.23දා සිට 31දා දක්වා පිළිවෙළින් රුපියල් 3,940,487, 4,136,654, 4,298,032, 5,011,064, 6,476,505, 8,190,277, 6,973,495, 8,056,954, 5,282,070ක්ද වශයෙන් යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගෙන් උපයා ඇත.
එමෙන්ම මේ වසරේ ජනවාරි 01 වැනි දින උපයා ඇති ආදායම රු.4,708,450කි. ජනවාරි 02 වැනි දින රු.11,264,179.10ක්ද වශයෙන් මෙතෙක් ලද ඉහළම ආදායම යාල ජාතික වනෝද්‍යානයෙන් පමණක් උපයා තිබේ.
විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළට පැමිණ ඇති බැවින් ඉන් බහුතරයක් දිනපතා යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීම සඳහා පැමිණෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇමැතිවරයාට දැනුම් දුන්නේය.රටට අවශ්‍ය ඩොලර් ඉපැයීමේ වැඩපිළිවෙළක් ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව ඉදිරි දෙසතිය තුළ ආරම්භ කිරීමට මේ සාකච්ඡාවේදී තීරණය විය.