අද (25)දිනයේ හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමට නියමිතව තිබෙනවා.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දී ඇති අතර එය අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.