Home දේශීය පුවත් දිනේෂ් ශාෆ්ටර් ඝාතනයේ තවත් රහස් හෙළිවේ !

දිනේෂ් ශාෆ්ටර් ඝාතනයේ තවත් රහස් හෙළිවේ !

by Free News
0 comment
දිනේෂ් ශාෆ්ටර් ඝාතනය

අබිරහස් ලෙස මියගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව සීසීටීවී කැමරා 42ක පමණ දර්ශන පරීක්ෂා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ මහතා පදිංචිව සිටි කුරුඳුවත්ත, මල් පාර නිවස අසල සිට බොරැල්ල සුසාන භූමිය දක්වා දිවෙන මාර්ගයේ සීසීටීවී කැමරා එලෙස පරීක්ෂා කර ඇත.

බොරැල්ල සුසාන භූමි පරිශ්‍රයේ ඉකුත් 15 වන දින සවස පහට පමණ දිනේෂ් ශාෆ්ටර් මහතාව මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙළ තදවන සේ වයර්වලින් සිර කර තිබෙනු දුටු විධායක නිලධාරිවරයෙකු කනත්තේ සේවකයෙකු සමග එක්ව එම බැමි ලිහා ඔහු කොළඹ ජාතික රෝහලේ වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැය පහකට පමණ පසු ජීවිතක්ෂයට පත්විය.

විධායක නිලධාරිවරයා එලෙස සුසාන භූමියට පැමිණ තිබුණේ ඝාතනයට ලක්වූ ශාෆ්ටර් මහතාගේ බිරිය කළ දැනුම්දීමකට අනුව බව පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ සභාපතිවරයාගේ බිරිය මෙන් ම විධායක නිලධාරිවරයෙකු සහ ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් යන අයගෙන් මෙන් ම බොරැල්ල සුසාන භූමියේ සේවකයන් ඇතුළු පුද්ගලයන් විසි පස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද එම නිලධාරියා කීය.

තව ද ඝාතනයට ලක්වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනය මෙන් ම ඊට අදාළ විමර්ශන කරන තවත් ජංගම දුරකතන කිහිපයක විශ්ලේෂණ වාර්තා ඔස්සේ ද විමර්ශන ආරම්භ කර ඇති බව එම නිලධාරියා කීය. දිනේෂ් ශාෆ්ටර් ඉකුත් 15 වන දා දහවල් එකයි තිහට පමණ නිවසින් පිටත්ව ගොස් තිබූ අතර පැය භාගයක පමණ රැස්වීමකට යන බව බිරියට පවසා ඇතැයි පොලිසිය කියයි.

තව ද විධායක නිලධාරිවරයා වන ක්‍රිස් පෙරේරා යන අයට මෙම අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ, බ්‍රයන් තෝමස් හමුවීමට යන බවට යැයි පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ අධ්‍යක්ෂවරයා මොඩල් ෆාම් ප්‍රදේශයේදී විධායක නිලධාරියාගේ ජංගම දුරකතනයට (tower location) ටවර් ලොකේෂන් දමා ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සිදුවූ දින රාත්‍රි 8.15ට පමණ ඔහුගේ බිරිය සමග එංගලන්තය බලා යාමට සියලු කටයුතු සූදානම් කර තිබී ඇතැයි ද ඒ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත සවස 4.00 පමණ වන විට යාමට තිබෙන බැවින් බිරිය ඔහුට වරින් වර ඇමැතුම් ලබා ගෙන ඇතැයි ද විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මේ අතර, මෙම ඝාතන සිද්ධියට අදාළව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත කැඳවා පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ, චමුදිත මහතා ඉකුත් සිකුරාදා ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙකු වන කීර්ති රත්නායක මහතා සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් යැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

අධ්‍යක්ෂවරයාගේ අබිරහස් ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙන අතර බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ ඇතුළු කණ්ඩායමක් ද පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital