Home ව්‍යාපාරික පුවත් දැවැන්ත ව්‍යාපෘතියකට මුරලි – අම්බානි ගිවිසුමක්

දැවැන්ත ව්‍යාපෘතියකට මුරලි – අම්බානි ගිවිසුමක්

by Free News
0 comment

මුකේෂ් අම්බානිගේ නායකත්වයෙන් යුත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ඉන්දියාවේ දැවැන්ත සිසිල් බීම වෙළඳපොලේ සිය ආධිපත්‍යය තහවුරු කිරීමට ආක්‍රමණශීලී පියවරක් ගෙන තිබේ.

ඒ අනුව එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මුකේෂ් අම්බානි දශක ගණනාවක් පැරණි සිසිල් බීම සන්නාමයක් වන Campa Cola නව මුහුණුවරකින් දියත් කර ඇත.

එම ව්‍යාපාරික මුලපිරීමේ තවත් එක් පියවරක් ලෙසින් Reliance සමාගම සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ Ceylon Beverage International සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.

එම ව්‍යාපාරික ගනුදෙනුවේ කොටසක් ලෙස මුරලිදරන් ගේ සමාගම Campa Cola සඳහා කෑන් ඇසුරුම් කිරීමේ කටයුතු සිදු කරනු ඇත. Ceylon Beverages සමාගම ඇසුරුම් කටයුතු සඳහා ඉදිරියේදී ඉන්දියාවේ ඇසුරුම්කරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.

එම කර්මාන්තශාලාව එනතුරු Ceylon Beverages ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලාවෙන් Campa Cola කෑන් ආනයනය කරනු ලැබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital